තරුණයින්ට බැල්ම හෙළන මෝහිනී

 

තරුණයින්ට බැල්ම හෙළන මෝහිනී.

අවිවාහක තරුණයන්ට බැල්ම හෙළන මෝහිනී...



මෝහිනී යන්න තුළම ගැබ් වී ඇත්තේ මුලා කරන්නී යන්නයි..මෝහිනී පිළිබද විවිධ ජනප්‍රවාද පවතී.මෝහිනි ය හින්දු සාහිත්‍යය ඉතා ඉහළින් පිළිගනු ලබයි.ඉන්දීය පුරාතන කාව්‍ය වූ මහා භාරතයේ සේම උත්තර භාරතීය ආර්ය සේම දක්ෂිණ භාරතීය සංස්කෘතිය තුළ ද මෝහිය පිළිබද සදහන් වේ.ත්‍රිමුර්තියට අයත් විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස ද හදුන්වනු ලබයි.

ලාංකීය ජන සමාජය තුළ මෝහීනී යනු තරුණයින්ට බැලුම හෙළන්නියයි.දුහුල් සුදු වස්ත්‍රයෙන් සැරසී කාමය අවුස්සා ලමින් සරන්නී ඇයයි.ඇය බටනලා හඩට ප්‍රිය කරයි.

මෝහිනී දෝෂය සහිත තරුණයින් ස්වරූපයෙන් හදුනා ගත හැකිය. ඔවුන් ගේ ශරීරය දිනෙන් දින කෘෂ වේ.ඇවිදින විට හන්දිපත් රුදාව ,වැඩක් කිරීමට නොහැකි වීම,ලිංගික අප්‍රාණිකත්වය, විවාහ ප්‍රමාද වීම ,ශරීරයේ ධාතූ කොටස් පිටවීම ආදී ලක්ෂන දක්නට ලැබේ...


එවන් තරුණයින් සමග නිදියහනේදී නින්දත් නොනිදත් අතර එනම් ,අක්ෂි චලන අවස්ථාවේ දී (RIM) එකතු වේ.ඇය තරුණයාගේ ශරීරය ස්පර්ශ කරමින් කාමය උපද්දවනු ලබයි.Wet Dreams ලෙස සරලව හදුන්වන ස්වප්න මෝචනය වූ මෙය Nocturnal Emission යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබයි.

කෙසේ නමුත් මෝහීනී පිළිබද කිසිදු තොරතරක් නොදන්නා තරුණයින්ට ද නිදියහනේදී ඉහත සදහන් තත්ත්වය පවතින බව වාර්ථා වී ඇත. 

නමුත් ලාංකීය ජන සංස්කෘතිය තුළ දී යම් තරුණයකු අධික ලෙස රාගික වේද ඔවුනට මෝහිනීගේ බැල්ම වැටෙන බවට පැරැන්නෝ සදහන් කරති.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් දේශීය ශාන්ති කර්මයකින් හෝ එය සුව කර ගත යුතු වේ.එසේ නොවූව හොත් ඔල්මාදය සෑදෙන බව පැරැන්ණෝ පවසති. 

කෙසේ වුවත් මේ සදහා යොදා ගත හැකි කෙම් ක්‍රම ලෙස ....
ඉහ අද්දර කැඩපතක් තබා ගැනීම.
තම සහෝදරියගේ හෝ ඇද භාවිතා කිරීම.
සාරියක්,රෙද්දක් පොරවා ගැනීම,
පය පාමුල තෙත රෙද්දක් තැබීම,ඉලපතක් තැබීම ආදිය සිදු කරනු ලබයි.

එසේම රාත්‍රී කාලයට නා පිරිසිදු වී සුවද විලවුන් ආලේපනය කොට නින්දට යන තරුණයන්ටද මෝහීනී බැල්ම හෙලන බව සදහන් වේ.

Comments

  1. Ane me babawa poddak ganna kiyanneth meya neda

    ReplyDelete

Post a Comment

Popular Posts